වාද්දුවට හා කළුතරට ජල සැපයුම පැය 10කට අධික කාලයක් අත්හිටුවීමක්

Share

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ වාද්දුව හා කළුතර ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන විදුලි විසන්ධි කිරීමක් හේතුවෙන් හෙට (22) ඒ ආශ්‍රිත ප්‍රදේශ 18කට පැය 10කට අධික කාලයක් ජල සැපයුම් අත්හිටුවන බවයි.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලි සැපයුම් අත්හිටුවන බවට දන්වා ඇතැයිද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

මේ අනුව 22 වැනි බදාදා උදෑසන 8.30 සිට සවස 7.00 දක්වා කාලය තුළදී වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ) කටුකුරුන්ද, නාගොඩ, පයාගල, ලිපිම්නාවත්ත, බොම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගානගරය හා බෙන්තොට ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බවද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News