ගාල්ල, කොළඹ ප්රධාන මාර්ගයේ මලවාන්න පාර හංදිය අසලදී ත්රීරෝද රථයක ගැටී පදිකයෙකු මියගොස් ඇත.
අනතුරින් පසු ත්රීරෝද රථය පෙරළිගොස් එහි සිටි පිරිසද තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවේය.
තුවාල ලැබුවන් අතර රියදුරු, ඔහුගේ බිරිඳ, මව සහ පියා මෙන්ම හත් හැවිරිදි සහ මාස 8ක් වයසැති දරුවන් දෙදෙනෙකුද ඇත.
මියගොස් ඇත්තේ පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ප්රදේශෙය් පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.




