සියලු ජනතාවට සාමකාමීව වෙසක් සැමරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර

Share

සියලු ජනතාවට සාමකාමී ලෙස වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා පවසයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා මේ බව කියා සිටියේය.

හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, රටේ සියලු ජනතාව ආරක්ෂක අංශ පිළිබඳව විශ්වාසයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

එසේම වෙසක් දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News