වීසා නොමැතිව මෙරට සිටි විදේශිය කතක් අත්අඩංගුවට

Share

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිය කාන්තාවක් පොලොන්නරුව, නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලොන්නරුව පොලිසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි බංග්ලාදේශ කාන්තාවක්.

පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි

Read more

Local News