බිස්නස් ටුඩේ ටොප් 30 සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

Share

“බිස්නස් ටුඩේ ටොප් 30″(Business Today TOP 30) සම්මාන උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ෂැන්ග්‍රිලා හෝටලයේ දී ඊයේ (20) පැවත්විණි.
එම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ආරාධිත අමුත්තන් සහ ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වී සිටියහ.

Read more

Local News