සීගිරිය බලන්න 10000ක පිරිසක් එයි

Share

වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දස දහසකට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසයි.

ඊයේ(18) සිට 20 දක්වා නොමිලේ දේශීය සංචාරකයන්ට සීගිරියේ නැරඹීම සඳහා අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුවත් සමඟ මේ හා විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණි බවයි වාර්තා වන්නේ.

මෙදින උදෑසන සිටම සීගිරිය නැරඹීම සඳහා දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණීමත් සමඟ සීගිරිය ගල උඩ දැඩි තදබදයක් ද පැවති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News