ඉන්දියාවේ නව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා මොයින්

Share

ඉන්දියාවේ නව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ලෙස පාකිස්ථාන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන මොයින් උල් හක් පත් කර තිබේ.

දෙරට අතර සබඳතා යලි ආරම්භ කිරීමේ අරමුණින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ප්‍රංශයේ පාකිස්ථාන තානාපතිවරයා ලෙස කටයුතු කරන මොයින් උල් හක් මීට පෙර පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානියෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකාව, කැනඩාව සහ තුර්කිය යන රටවල පාකිස්ථාන තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ කාශ්මීර ප්‍රදේශයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර මතභේදකාරී තත්ත්වයක් හටගත්තේය.

Read more

Local News