දැන් රට අස්ථාවරයි

Share

බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටින බවත් එම තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප‍්‍රශ්න ඇති කරන්නක් වන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

“අපි තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් රටක්. ත‍්‍රස්තවාදයක් රටේ තියෙන අවස්ථාවක බෝම්බ පිපිරෙනවා.

නමුත් ඒ කාලේ මේ විදියට රට අස්ථාවර වුනේ නැහැ.

එදා ත‍්‍රිවිධ හමුදාව ඇතුලූ රටේ නායකත්වය ගැන ජනතාවට විශ්වාසයක් තිබුණා.

මේ බෝම්බ පිපිරීමෙන් ඉතිහාසයේ කවදාවත් නොවූ බියක් ජනතාව තුළ ඇති වුනා.

අපි සියල්ලටම පෙර රටට මූලිකත්වය දිය යුතුයි. මේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුනොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි.

මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන කිසිම අවධානයක් යොමු කලේ නැහැ.

පහුගිය අවුරුදු හතරක කාලය පුරාම කලේ ආරක්ෂක අංශ දුර්වල කරමින්, විරුද්ධවාදින් මර්ධනය කරන්න ආරක්ෂක යාන්ත‍්‍රණය යොදා ගැනීමයි. මෙවැනි වාතාවරණයක් රටට උදාවුනේ මේ නිසයි.”

Read more

Local News