කේරළ ගංජා තොගයක් සමඟ 2ක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ(22) මැදවච්චිය, මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව මැදවච්චිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකයේදී නාවික හමුදාව විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව මෝටර් රථයක් පරික්‍ෂා කර ඇත.

එහි තුල තිබි මෙම කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් අත්අඩංගුවට ‍ගෙන ඇත.

ඒවා පාර්සල් 66 බහා තිබි හමුවි ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් 50 වන වියෙහි පසුවන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මැදවච්චිය, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News