මඩකලපුව විශ්ව විද්‍යාලය වහා අහෝසි කළ යුතුයි

Share

මඩකලපුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින පෞද්ගලික විශ්වවිද්‍යාලය වහාම අහෝසි කළ යුතු බවත්, එසේ නොකළොත් එය අහෝසි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

අදාළ ආයතනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා ඊයේ (22) දින උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාට ලිපියක් බාරදුන් බවත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එම සංගමයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම ආයතනය අගෝස්තු මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එබැවින් ආයතනය වසා දැමීම සඳහා මේ මස 30 වැනිදා සිට විශ්වවිද්‍යාල මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.

පළමු අදියරේ ක්‍රියාමාර්ග ලෙස ලබන 30 වැනිදා විශ්වවිද්‍යාල මට්ටමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද ඔහු සඳහන් කළේය.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම හෝ ජාති, ආගම් පදනමට අධ්‍යාපනය ලබාදීමට තීරණය කිරීම නිදහස් අධ්‍යාපනය ලැබීමට තිබෙන අවස්ථාව අහිමි වීමක් බවද කැඳවුම්කරු පවසා සිටියේය.

Read more

Local News