තියුණු ආයුධයකින් ගෙළ කපා පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

සපුගස්කන්ද, මාකොළ දකුණ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඉදිකරමින් පවතින නිවසක සේවකයින් පිරිසක් මත්පැන් පානය කිරිමේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇකිට්හාල්දෙණිය, අංහෙට්ටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News