ප්‍රහාරය ගැන විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සලකා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් කථානායකවරයා විසින් අද(23) ප්‍රකාශයට පත් කළේය.

ඒ අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මෙම පත් කිරීම් කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණි.

මෙහිදී පාර්ලිමේන්තුවේ දෙවන නිවේදනය ලෙස කථානායකවරයා විසින් ඊයේ(22) දිනයේ දී සම්මත වු යෝජනාව අනුව මෙම විශේෂ කාරක සභාව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිංහ මහතාගේ සභාපතීත්වය යටතේ පත් කර තිබේ.

ඒ අනුව මෙම කාරක සභාව සමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විතයි.

විශේෂ කාරක සභාවේ සභාපතීත්වය නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිංහ මහතා ගෙන්ද අමාත්‍ය රවුෆ් හකීම් , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා‍්, රවී කරුණානායක, කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න හා එම්. ඒ. සුමන්තිරන් යන මැති ඇමතිවරන්ගෙන් සමන්විත වෙයි.

Read more

Local News