මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ජීවිතක්ෂයට

Share

වසරින් වසර දුම්රිය මාර්ගවල සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවත්, මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාලය තුළ දුම්රිය හරස් මාර්ග වලදී රථවාහන දුම්රියේ ගැටීම් 84 ක් සිදුව ඇති අතර දුම්රියෙන් මගීන් ඇඳ වැටීම් 76 ක් සිදුව ඇත. දුම්රිය මාර්ගයේ හෝ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරු 436ක් සිදුව තිබේ.

මීට අමතරව වාහන දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුවල ගැටීම හේතුවෙන් සිදුවූ හානි පිලිබඳ සිද්ධීන් 506 ක් ද වාර්තා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගත වූ මාස 10 ක කාලය තුළ පමණක් දුම්රියේ සහ දුම්රිය මඟෙහි සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරුවලින් තරුණයන් 24 දෙනෙකු මියගොස් ඇත.

දුම්රිය අනතුරු අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්තිත පුවරු සවි කිරීමේ වැඩසටනක් මේ වන විටත් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News