පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් පොල්ගෙඩි 36,5024ක් සහන මිලට

Share

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා අැත්තේ වෙළෙඳ පොළේ පොල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ යටතේ ඇති පොල් වගා කිරීමේ මණ්ඩය මඟින් අරබා ඇති පොල් සහන මිලට බෙදාදීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පොල්ගෙඩි 36,5024ක් බෙදාදෙනු අැති බවයි.

ගෙඩියක් රුපියල් 65 බැගින් ජංගම ලොරි මඟින් පොල් ගෙඩි 115,667ක් ද සතොස ආයතනය මඟින් පොල් ගෙඩි 177,940ක් ද කප්රුක සමිති මඟින් පොල් ගෙඩි 71,407ක් ද අලෙවි කොට ඇතැයි එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවදී ඒ මහතා පැවසීය.

මාස ගණනක සිට පවතින දැඩි නියඟය හා අඩු වර්ෂාපතනය හේතුවෙන් පොල් අස්වැන්න විශාල ලෙස අඩුවී තිබේ. 2016 වර්ෂයේ පොල් අස්වැන්න ගෙඩි මිලියන 3011ක් වූ අතර එය මේ වසරේ ගෙඩි මිලියන 2347.1 දක්වා අඩු වී තිබේ.

වෙළෙඳ පොළේ පවතින පොල් හිඟය මගහරවා ගැනීම සඳහා පිටරටින් පොල් ආනයනය කිරීමට තමා පෞද්ගලිකව කැමැති නමුත් රජයේ ප්‍රතිපත්තියක් හැටියට පොල් ආනයනය නොකිරීමට තීරණය කොට තිබෙන බව ද දිසානායක මහතා කීය. පොල් පිටරටින් ගෙන්වීමේදී එමඟින් දේශීය පොල්වලට විවිධ රෝග බෝවීමේ අවධානයක් පවතින බැවින් රජය පොල් පැල ආනයනයට අනුබල නොදනෙ බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News