ඡන්දය කල්දැමීමට අවශ්‍ය නොමැත, ඡන්දය කල්දැමීමට විරුද්ධයි – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Share

ඡන්දය කල්දැමීමට අවශ්‍ය නොමැති බවත් ඡනදය කල්දැමීමට විරුද්ධ බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පළාත් පාලන මැතිවරණය කල්දමා ඇතැයි ද ඉන් රටේ විශාල ආන්දෝළනයක් ඇති විය හැකි බවද හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදය අතරතුර ප්‍රකාශ කළේ ය.

එයට පිළිතුරු දුන් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, රජයට ඡන්දයක් අවශ්‍ය බවත් ඡන්ද කල්දැමීමට විරුද්ධ බවය. මේ වනවිටත් දිවයින පුරා එජාප සාමාජික ලැයිස්තු සකස් කරමින් සිටින බවත් අපටත් ඕන ඡන්දයක් බවත් සඳහන් කළේ ය.

එහිදී අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ, පසුගිය රජය සමයේ සිදුකළ සීමා නීර්ණ නිසා පළාත් පාලන මැතිවරණය කල්ගිය බවය.

Read more

Local News