‘දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්’ වට්ස් ඇප් ජාලය මෙහෙයවූ 3ක් අත්අඩංගුවට

Share

“දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්” නමින් සාමාජිකයන් 100 අතර අන්තවාදයට පක්ෂපා වට්ස්ඇප් ජාලයක්  මෙහෙයවූ ප්‍රධාන සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු ඇතුළු සැකකාර මුස්ලිම් ජාතික වයස 23 හා  20 වයස්වල පසුවන තරුණයින් තිදෙනකු අලුත්ගම පොලිසිය ඊයේ (25දා) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙම ජාලයට සම්බන්ධව සිටි පුද්ගලයන් 25 දෙනෙකු අද ( 26) වහාම එම ජාලයෙන් ඉවත් වී ඇතැයි ද පොලිසිය කළ විමර්ශන වලදී හෙළි වී ඇත.

මෙම වට්ස්ඇප් ජාලය වසර 3 ක පමණ කාලයක සිට මෙහයවූ ප්‍රධාන සැකකරු 23 වියේ පසුවන දර්ගානගරය, ලෝටස් පාරේ පදිංචි අයකු බවත්, කලක් ඔහු විදේශයේ සේවය කර මෙරටට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරු දින 3ක් රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් ද මේ පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් ඉන් එක් අයෙකු දර්ගානගරය, මතුගම පාරේ පදිංචි අයකු බවත් සෙසු සැකකරු ද ලෝටස් පාරේ පදිංචි 20 වන වියේ තරුණයකු බවත් පොලිසිය සඳහන් කරයි.

Read more

Local News