Tuesday, March 19, 2024.

ලංකාවෙන් කේරළයට ගිය ISIS 15ක් ගැන ඉන්දියාවේ අවධානය

Share

ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවකින් කේරළයේ ලක්ෂඩ්වීප් දිවයින් වෙත ගමන් කර ඇති අයි.එස්.අයි.එස්. ත්‍රස්තයින් 15 දෙනෙකු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ වාර්තාවකට අනුව කේරළ ආරක්ෂක අංශ දැඩි අවධානයකින් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බුද්ධි අංශ විසින් මේ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවට, වෙරළ පොලිස් ස්ථානවලට හා දිස්ත්‍රික් වෙරළ පොලීසියන්හි ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි.

“ මේ වගේ තොරතුරු සාමාන්‍ය දේවල්. නමුත් මෙවර අපිට අංකත් එක්ක ලැබී තිබෙන්නේ. මේ ගැන වෙරළ පොලිස් ස්ථාන  හා දිස්ත්‍රික් වෙරළ පොලීසියන්හි පොලිස් ප්‍රධානීන්ට අපි දැන්වූවා  කුමනාකාරයේ සැක සහිත බෝට්ටුවක් ගැන අවධානයෙන් සිටින්න කියලා  ” යැයි ඉහළ පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.

මැයි 23 දා සිට ඉන්දීය ආරක්ෂක අංශ මේ පිළිබඳව අවධානයෙන් පසුවෙයි.

“ ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරත් සමග අපි ධීවර යාත්‍රාවලට හා වෙනත් ව්‍යාපාරිකයන්ට  සැකසහිත කටයුතු පිළිබඳව අවධානයෙන් ඉන්න කියා දැනුම් දුන්නා.” යැයි එම පොලිස් නිලධාරියා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට එල්ල වූ  ප්‍රහාරයත් සමගින් ඉන්දියාවේ කෙරළයේ ආරක්ෂාව තහවුරු කර තිබේ. ඒ කේරළයේ ප්‍රහාරයක් ඉල්ල කිරිමට අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පිරිසක් කටයුතු කරමින් සිටින බවට වාර්තා වූ තොරතුරු හේතුවෙනි.

එසේම ඉරාකයේ හා සිරියාවේ සිට පැමිණි සැලකිය යුතු අයි.එස්.අසි.එස්. ත්‍රස්තයින්  පිරිසක් කේරළයේ සිටින බවටද බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.

Read more

Local News