බොරැල්ල එළියට් පෙදෙස ඒකක 400කින් යුත් නිවාස ව්‍යාපෘතියක්

Share

බොරැල්ල එළියට් පෙදෙසේ නිවාස ඒකක 400කින් සමන්විත මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට යයි.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මේ සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 7799ක බදු රහිත මුදලට විදේශීය පෞද්ගලික සමාගමකට පිරිනැමීම පිණිස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

Read more

Local News