ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට ගැලපෙන්නේ නෑ – මහේල

Share

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත කළ ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ද සන්ඩේ ටයිම්ස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට සෑම දෙයක්ම කර ඇති බවත් ඒ අනුව තමන්ට කණ්ඩායම තුළ සිදුකිරිමට දෙයක් නොමැති බවත් ඔහු පවසා ඇත.

ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයෙන් මෙම ඉල්ලීම් තමන්ට ලැබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.

“ මට ආරාධනා කළා. නමුත් ඊට වඩා මට කරන්න දේවල් තිබෙනවා. මට වටහාගන්න බැරිවුණා මට කරන් තියෙන්නේ මොකක්ද කියලා. කණ්ඩායම තෝරාගෙන ඉවරයි. හැම දෙයක්ම කරලා ඉවරයි. දැන් මට ඇවිත් යමක් එකතු කරන්න දෙයක් නෑ.

මම තවමත් කැමතියි කණ්ඩායම් කළමණාකරනය සමග එක්ව මොකක් හරි කරන්න. නමුත් ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග නෙමෙයි. ඒක තමයි මම කිව්වේ. ඒ තැන මට ගැලපෙන්නේ නෑ කියලා දැනගෙන මට ඇවිත් වැඩ කරන්න බෑ.

අපි මාස අටක කාලයක් වැය කරලා වෘත්තීමය ක්‍රිකට් යාන්ත්‍රණයක් සකස් කළා.  අපි ඒක ක්‍රියාත්මක කරන්න කින්නා. නමුත් ඒක ප්‍රතික්ෂේප කළා. ”

Read more

Local News