අම්මාවරු වඳ කරලා තියෙනවා නම් එල්ලා මැරිය යුතුයි – මරික්කාර්

Share

රිෂාඩ් බදියුදීන් අමත්‍යාවරයා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීම ජනාධිපතිවරයා සතු බව එක්සත් ජාතික පක්ස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

වැල්ලම්ටිපිය ප්‍රදේශයේ පැවති ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

පසුගිය දා කුරුණෑගල දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අයථා ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධව චෝදනාවක් එල්ල වී ඇති බවත්, එසේ නොමැතිව සිසේරියන් සැත්කම් සිදු කර මව්වරුන්ට එවැනි අපරාධයක් කර ඇත්නම් එම වෛද්‍යවරයා එල්ලා මැරිය යුතු බව ද මරික්කාර් මහතා පැවසීය.

ඒ ගැන තර්කයක් නොමැති බවත් පැවසු මරික්කාර් මහතා, අද වන විට හදිසි නීතිය ක්‍රියාත්මක වන නිසා අල්ලන සියලු දෙනා ත්‍රස්ථ පනත යටතේ පරීක්ෂණ සිදු කරන බවත් එයින් ත්‍රස්ථවාදීන් නොවන පුද්ගලයත් ත්‍රස්ථවාදියෙක් වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සමහර විට සල්ලි වැඩිපුර ඇති පුද්ගලයෙක් අල්ලා ගත් විටත් ඔහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ නොව ත්‍රස්ථ පනත යටතේ අත්අඩංගුවට ගන්නා බවත්, පැවසු මන්ත්‍රීවරයා, රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වුවත් ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත්, ඔහු වැරදි කර ඇත්නම් විශ්වාසභංග යෝජනා නොව ඔහු හිරේ දැමීමට කටයුතු කළ යුතු බව ද පැවසීය.

තමා වුවත් වැරදි කර ඇත්නම් පරීක්ෂණ පවත්විය යුතු බවත්, පැවසු මන්ත්‍රීවරයා එසේ නොමැති නම් නිදොස් බව ඔප්පු කළ යුතු බව ද කියා සිටියේය.

Read more

Local News