ට්‍රම්ප් හා ජපානයේ නව අධිරාජ්‍යයා අතර හමුවක්

Share

ජපානයේ නව අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුව තිබේ.

ඒ අනුව ජපාන අධිරාජ්‍යයා හමුවූ පළමු විදෙස් නායකයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බව වාර්තා වෙයි.

සිව්දින නිල සංචාරයක නිරත ඩොනල්ඩ් ට්‍රම්ප් ටෝකියෝ නුවර පිහිටි රාජ්‍ය මන්දිරයේදී ජපාන අධිරාජ්‍යයා හමුවී තිබේ.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ ගොල්ෆ් තරඟයකට ද සහභාගී වී ඇති අතර සුමෝ තරඟාවලියක් නැරඹීමට ද එක් වී ඇති බව වාර්තා වෙයි.

නායකයන් දෙපල අතර අද ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

Read more

Local News