පවුල් ලක්ෂ 28කට වොට් 9 එල් ඊ ඩී බල්බ ලක්ෂ 100ක් – අජිත් පෙරේරා මහතා

Share

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා මහතා පැවසුවේ ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ යාමට විසඳුමක් ලෙස විදුලි පාරිභෝජනය කරන පවුල් ලක්ෂ 28කට වොට් 9 එල් ඊ ඩී බල්බ ලක්ෂ 100ක් ලබන මාසයේ සිට නොමිලයේ බෙදාදීමට රජය කටයුතු සම්පාදනය කර ඇති බවයි.

පසුගිය වසර තුළදී පවුල් දෙලක්ෂ හැට දෙදහසකට නොමිලේ විදුලි සබඳතා ලබාදීමට කටයුතු කර ඇති බවත්, ඒ සඳහා රජය රුපියල් බිලියන 6ක මුදල් වැය කළ බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ඇතැම් විදුලි පාරිභෝජන පවුල් සඳහා නොමිලයේ වයරීන් කටයුතු සිදු කළ අතර, විදුලි පාරිභෝජන පවුල්වලට ලබාදුන් එම සහනය කර්මාන්තකරුවන්ටත් ලබාදීමටද කටයුතු කරන බවද හෙතෙම සඳහන් කෙළේය.

මේ අනුව නව කර්මාන්තයක් අරඹන ව්‍යාපාරිකයින්ට සියයට 25ක් ගෙවා විදුලි සබඳතාවය ලබාගත හැකි බවද ඉතිරි සියයට 75ක මුදල උපයනවිට බිල සමඟ ගෙවීමට අවස්ථාව සලසාදීමට පියවර ගන්නා බවද අජිත් පී පෙරේරා මහතා කියා සිටියේය.

Read more

Local News