විදේශ රැකීයා දෙන බව පවසා මුදල් කොල්ල කෑ කතුන් 2ක් අත්අඩංගුවට

Share

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මාතර, හක්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් දස ලක්ෂ පනස් දහසක මුදලක් වංචාකළ කාන්තාවක ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගොඩ, විහාර මාවත ප්‍රදේශයේ පදිංචි රාණි හේමන්ති නම් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන හෝමාගම කම්කරු විනිශ්චය සභා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එසේම ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් හාරලක්ෂ පනස් දහසක මුදලක් වංචාකළ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි චමිලා චතුරංගනී ජයවර්ධන නම් කාන්තාවකද විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් තම සැමියා ඊශ්‍රායල් රැකියා ලබාගැනීම සඳහා සැකකාරියට මුදල් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙයවා ඇත.

අදාල සැකකාරිය බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පහ කම්කරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිළිගෙන පැමිණිලිකරුවන්ගෙන් ලබාගත් මුදල් නැවත ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.

ඒ හේතුවෙන් ඇය රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදාහැර ඇති අතර වැඩිදුර නඩු විභාගය 2019 මැයි 31 දින පැවැත්වීමට නියමිතය.

Read more

Local News