උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා පොලිස් ප්‍රධානියා අතර හමුවක්

Share

උතුරු පළාත භාර පොලිස් ප්‍රධානියා ලෙසින් ඊයේ (27) වැඩ භාරගත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා, අද (28) පෙරවරුවේ, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමු විය.

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවේදී අවධානය යොමු වූයේ, උතුරු පළාතේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳවයි.

ජනතාවට පීඩා එල්ල නොවන අයුරින් අදාල අංශ ක්‍රියා කාරකම් දියත් කිරීමසහ යාපනය දිස්ත්‍රික්කයේ සිදුවන ඇතැම්සමාජ විරෝධීක්‍රියා පාලනය කිරීමට ගතයුතු ක්‍රියා මාර්ගද මෙම හමුවේදී සාකච්ඡා කෙරුණි.

Read more

Local News