හුවාවේ පාරිභෝගිකයන්ට දැඩි බලපෑමක්

Share

හුවාවේ සමාගමට එරෙහිව ඇමෙරිකාව දැමූ වෙළෙඳ සම්බාධක හේතුවෙන් එය සමාගමේ බිලියන ගණනක් වන පාරිභෝගිකයන්ට දැඩි බලපෑමක් එල්ල කරන බව එම සමාගම පවසයි.

හුවාවේ සමාගමේ ප්‍රධාන නීතිවේදියෙකු වන සොන්ග් ලියුපින්ග් මාධ්‍ය හමුවකදී මෙම අනතුර ඇඟවීම සිදුකර තිබේ.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම වෙළෙඳ සම්බාධකය ඇමෙරිකානු සමාගම්වලට මෙන්ම ඒවායෙහි සේවය කරන සේවකයන්ටද සෘජුවම බලපානු ඇති බවයි.

එක්සත් ජනපදය සහ හුවාවේ සමාගම අතර මෑතක සිට හටගෙන ඇති අර්බුදයේ උච්චතම අවස්ථාවක් ලෙස මෙම වෙළෙඳ සම්බාධක පැනවීම දැක්වෙයි.

විදුලි සංදේශ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛතම සමාගම ලෙස සැලකෙන හුවාවේ සමාගමට එරෙහිව වොෂිංටනය මෑතක සිට සම්බාධක පනවමින් සිටින්නේ ඔවුන් එක්සත් ජනපදයට ආරක්ෂක තර්ජනයක් ඇති කර තිබෙන බව පවසමිනි.

Read more

Local News