දකුණු පළාත් තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ(28) විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.
තේ කර්මාන්ත ශාලා හිමියන් මේ වන විට මුහුණ දී ඇති ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
මේ වන විට තේ කම්හල්වල නිෂ්පාදන ධාරීතාවය සහ නැවත වගා කීරීමේ ප්‍රවනතාවය අතර තිබු සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් තේ කර්මාන්තශාලා ආශ්‍රීතව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, නව තේ කම්හල් බිහිවීම හා පවතින තේ කම්හල්වල ධාරීතාවය වැඩි කිරීම විධිමත් අයුරින් සිදු නොවීම මෙයට හේතු වී ඇති බවත් ඔවුන් මෙහිදී පෙන්වා දෙන ලදී.
එසේම මේ හේතුවෙන් තේ කර්මාන්තයෙහි ගුණාත්මක තත්වය බිඳ වැටී ඇති බවද පෙන්වා දෙන ලදී.
තවද, තේ සංවර්ධන අරමුදලේ සිදුවන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳවත්, විෂය අවබෝධය සහිත ඇමතිවරයකු නොමැති වීම හේතුවෙන් ඇති වී ඇති ගැටළු පිළිබඳවත් මෙහිදී පෙන්වා දෙන ලදි.




                                    