මීගමුව රෝහල් වාට්ටු සංකීර්ණයක ඉදිකිරිම් අවසන් කරන්න – රාජිත

Share

මීගමුව මූලික රෝහලේ ඉදිකෙරෙන මහල් 08 කින් යුත් වාට්ටු සංකීර්ණය ජුලි මාසය අවසන් වන විට ඉදිකිරිම් කටයුතු අවසන් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පසුගියදා දැනුම් දී ඇත.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම ප්‍රමාදවීම සහ වත්මන් තත්ත්වය පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

මහල් 08 කින් යුත් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරිම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 692 කි.

මෙම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු අවසන් වූ පසු කඩිනමින් ජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබාදීම සදහා විවෘත කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ මීගමුව මුලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Read more

Local News