තාවකාලිකව අත්හිටවු පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිමේ කටයුතු නැවත අරඹයි

Share

රටේ පැවති ආරක්ෂක වතාවරණය මත ආරක්ෂක මණ්ඩලය මඟින් තාවකාලිකව අත්හිටුවන ලද පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම් කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇති බව ආරක්ෂ අමාත්‍යංශය දන්වා තිබේ.

ව්‍යපෘති සිදුකරනු ලබන රජයේ සහ පුද්ගලික ආයතනයන් වෙත අවශ්‍යවන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ බලපත්‍රය මත, CEFPA ආයතනය (රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිණිඅවි හා පතොරොම් මිළදී ගැනීමේ එකකය) වෙතින් ලබා ගැනීමට උපදෙස් නිකුත් කර ඇත.

එලෙස ගල් වලවල් හා කැණිම් කටයුතු සිදුකරන කර්මාන්ත සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අදාල දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බලපත්‍රලාභින් / අවශ්‍ය අවසරපත්‍රලාභීන් හට එම බලපත්‍ර/ අවසර පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර අදාල පුපුරණ ද්‍රව්‍ය මින් ඉදිරියට ලබා ගත හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහත සඳහන් ස්තානයන් වෙතින් ලබා ගත හැක.

අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල

රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිණිඅවි හා පතොරොම් මිළදි ගැනීමේ ඒකකය (CEFAP)
දුරකථන අංකය 0112958227

ආරක්ෂක අමාත්‍යාශයේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශය-දුරකථන – 0112335798

Read more

Local News