ඉදිරි දිනවලත් උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ගිගිරුම් සහිත වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් වැඩිවේ යැයි අපේක්ෂා කරන බවයි.

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති බව හා සෙසු ප්‍රදේශවල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

සමහර ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී.75-100 ක පමණ තරමක් වැසි ද ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read more

Local News