ඉදිරියේ දී රට විශාල අනතුරකට ලක්විය හැකි බව තිස්ස කියයි

Share

පාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් රට ඉදිරියේ දී විශාල අනතුරකට ලක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

චෝදනවක් යම් පුද්ගලයෙකු හට එල්ලවී ඇත්නම් අදාළ චෝදනාව පරික්ෂා කර සනාථ කරන තුරු අදාළ පුද්ගලයින් ආණ්ඩුවේ යම් වගකීමක් දරන්නේ නම් එම තරනතුරුවලින් ඉවත් විය යුතු බව තිස්ස අත්තනායක මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාලකයින් විසින් දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියාක කිරීම හේතුවන් අද වන විට ජාතිය, ආගම රට ආරක්සා කිරීම යන තැන කිසිවෙකුත් නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.

Read more

Local News