හෙරොයින් ලඟ තබාගත් තරුණයින් 3ක් අත්අඩංගුවට

Share

හෙරොයින් සන්තකයේ තබාගත් තරුණයන් තිදෙනෙක් ඊයේ(30) පස්වරුවේ හැටන් නගරයේ දි අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති අයි.ජේ.ඒ පෙරේරා මහතා පැවසිය.

මෙම තරුණයන් තිදෙනා හෙරොයින් මත්ද්‍රව්‍යය භාවිතයට අධික ලෙස අබ්බැහි වි ඇති බවට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ එම තරුණයන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔවුන් තිදෙනා සන්තකයේ හොරොයින් මිලිග්‍රැම් 1250 තිබු බවයි හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

හැටන් ප්‍රදේශයේම පදිංචි සැකකාර තරුණයන් තිදෙනා වයස අවුරුදු 25-35 අතර වයස් කාණ්ඩවල පසුවන අය වෙයි.

එම සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

Read more

Local News