අපිට අවශ්‍යය ජාත්‍යන්තර ක්‍රීඩාංගන නොවේ. පාසල් ළමයින්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගනයි

Share

අද (23) පාර්ලිමේන්තුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවදයට එක්වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ,

රුපියල් මිලියන 100ක් ගිය අයවැයෙන් පාසල් ක්‍රිකට් වෙනුවෙන් වෙන් කර තිබුණා. එය ඉතා හොඳයි. ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම 6 වැනි තැනට පසු බැස ඇතැයි කී අමාත්‍යවරයා එසේ සිදු වීමට හේතුව සොයාබැලිය යුතු බව පැවසී ය. හම්බන්තොට ක්‍රීඩාංගනයක් හැදුවා ඒ ක්‍රීඩාංගනය භාවිත කරන්න විදියක් නෑ. අපිට අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන නොවේ. අවශ්‍ය වන්නේ පාසල් ළමයින්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගනයි. අධ්‍යාපන අමාත්‍යවරයා ක්‍රීඩාව නැංවීමට ගෙන යන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙනවා යැයි ද අමත්‍යවරයා පැවසී ය.

 

Read more

Local News