කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රීවරු කියති

Share

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අද(23) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසී ය.

පළාත් පාලන මැතිවරණය නැවත පැවැත්වෙන දිය පිළිබඳව ගැටළුවක් මතු වී තිබෙන බවත් එය ජනතාවටත් ගැටළුවක් බවත්, පළාත් පාලන ආයතන කීපයකට වාරණය තිබිය දී අනෙක් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්විය යුතු බවත් නැතිනම් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

මෙහිදී අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට සූදානම් බවය.

Read more

Local News