පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

Share

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොළඹට හා අවට ප්‍රදේශවලට වර්ෂාව අැති වුවත් ලංකාවේ බොහෝ ප්‍රදේහවලට වියළි කාළගුණික තත්ත්වයන් පවතින නිසා පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි.

තවදුරටත් වියළි කාළගුණික තත්ත්වය පැවතියහොත් පානීය ජල ගැටලුවකට පවා මුහුණ දිය හැකි බවද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළාය.

වසර තුනකට වරක් සිදුවන ජල ගාස්තු සංශෝධනය සිදු කළ යුතු කාලය පසුවී තිබුණත් ජනතාව ගැන සිතා ජල ගාස්තු සංශෝධනය කිරීමක් සිදුකර නොමැති බවත්  එහෙත් ජලය පිරිසිදු කර බෙදාහැරීමට විශාල මුදලක් වැය වන බවත් ඒ මහත්මිය පවසා සිටියාය.

Read more

Local News