2017 වසරේ විදෙස් ශ‍්‍රමිකයින් 115ක් වෙනුවෙන් හිඟ වැටුප් කෝටි 5ක්

Share

විදේශ රැකියා සඳහා යොමුවී නිසි පරිදි වැටුප් නොලද ශ‍්‍රමිකයින් 115 දෙනෙකු වෙනුවෙන් 2017 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ හිඟ වැටුප් ලෙස රු.51,640,563.00 ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ලබාදීමට හැකිවූ බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

වසර ගණනාවක් කිසිඳු තොරතුරක් නොමැතිව විදේශ රටවල සිරවී සිටි කාන්තාවන් රැසක් දිවයිනට ගෙන්වාගැනීමට පසුගිය සමයේ කාර්යාංශයට හැකිවූ බවත්, ඔවුන්ගේ හාම්පුතුන්ට එරෙහිව තානාපති කාර්යාල මඟින් නඩු පවරන ලද අතර, එම කාන්තාවන්ට ලැබිය යුතු සියළු හිඟ වැටුප් හා අදාළ වන්දි මුදල්ද ඒ අනුව ලබාගත හැකිවු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

2016 වර්ෂයේදී විගමණික ශ‍්‍රමිකයින් 51 දෙනෙකු සඳහා රු.24,834,526.84ක් හිඟ වැටුප් වශයෙන් ලබාදෙන ලදී. 2015 වසරේ විදේශ රැකියා අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මෙසේ විදේශ රටවල අසරණවී සිටි කාන්තාවන් රැසක් දිවයිනට ගෙන්වා ගත හැකිවුණි. එසේම ඔවුන්ට ලැබිය යුතු සියළු හිඟ වැටුප්ද ලබාදීමට හැකියාව ලැබුණි.

එසේම 2017 වසරේ විදේශ රැකියාව අතරතුරදී විවිධ කරදර සිදුවූ ශ‍්‍රමිකයින් 113 දෙනෙකු වෙනුවෙන් රු.22,900,000.00ක මුදලක් විගමණික සේවක සුභසාධන අරමුදල මඟින් ලබාදී තිබේ.

Read more

Local News