සියලු සුරාසැල් වසා දමන්න

Share

රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ දිවයිනේ සියලු සුරාසැල් මේ මොහොතේ වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අද(03) දිනයේ දී මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් බීමත්ව හැසිරීම ආරක්ෂක කටයුතු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යෑමට තර්ජනයක් වී ඇති බවයි.

මෙම කාලසීමාව තුළ සුරාසැල් වසා තැබීම තුළින් තත්ත්වය පාලනය කිරීම සඳහා මනා පිටුවහලක් ලැබෙනු ඇතැයි ද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලා තිබේ.

Read more

Local News