විශ්වවිද්‍යාල සියලු නේවසිකාගර ප්‍රශ්නය ලබන වසර වනවිට අවසන් කරනවා

Share

විශ්වවිද්‍යාල සියලු නේවසිකාගර ප්‍රශ්නය ලබන වසර වනවිට අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නේවාසිකාගාර හා ආපනශාලා ප්‍රශ්නය මෙන් ම නේවාසිකාගාර, පුස්තකාල, වැසිකිළි පහසුකම් වැඩිදියුණු කරනවා දැයි විමසූ පැනයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය. මේ පිළිබඳව දැනටමත් අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

බිලියන 50කට වැඩි මුදලක් විශ්වවිද්‍යාල පහසුකම් වැඩි කිරීමට යොදවා ඇත. රැකියා වෙලඳපොළට ගැලපෙන ආකාරයට විෂය නිර්දේශ සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවද අමාත්‍යවරයා වාචික ප්‍රශ්නවලට පිළිතුරු
ලබාදෙමින් පැවසී ය.

Read more

Local News