වැවිලි කර්මාන්තය ශක්තිමත් කරනවා – අමාත්‍ය නවීන් දිසානායක

Share

අද (24) පාර්ලිමේන්තුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ,

පොල් මිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. පොල් නිෂ්පාදනය සීග්‍රයෙන් අඩුවෙලා. 2016 වර්ෂ්ගයේ දී අඩුම වර්ෂාපතනයක් ලැබී තිබුණා. මාස හයයක් එක දිගට නියඟය. මෙයයි යථාර්තය. වර්ෂාපතනය ලැබිලා පොල් නිෂ්පාදනය වැඩිවෙයි කියලා බලපොරොත්තු වෙනවා. සතොස හරහා පොල් සංවර්ධන මණ්ඩලයේ පොල් ලබාගෙන රුපියල් 60ට පොල් ලබාදීමට ක්‍රියාකර තිබෙනවා. මෙය නිශ්පාදනයේ ප්‍රශ්නයක්. වසරකට මිලියන 3000ක් ලැබෙනවා. මේ වසරේ මිලියන 2300කට අඩු වුණා.

ඉතාමත්ම ඉක්මනින් වැඩකටයුතු කිරීමට, පොල් වගාකිරීමේ මණ්ඩලයට මිලියන 900ක් ලැබී තිබෙනවා. මෙය  දීර්ගකාලීන ප්‍රශ්නයක් නොවේ. ක්‍රමවත් පොල් වගාවට මිලියන 100ක් වෙන්කර තිබෙනවා. පසුගිය වසරේ අපේ තේ නිෂ්පාදනය අඩු වුණා. මෙවර තේ නිෂ්පාදනය වැඩි වෙලා. මේ වසරේ තේ කිලෝ ග්‍රැම් මිලියන 3ක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මිලියන 800ක් ඉතාම ක්ෂණිකව හානීයවට පත් වූ තේ ඉඩම්වලට මුදල් ලබාදුන්නා. තේ නිෂ්පාදනයේ සියයට 10%ක වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. තේ නිෂ්පාදකයා ආරක්ෂා කරනවා. අපි එය වැටෙන්න ඉඩ දෙන්නේ නෑ.

ජපානය සමඟ සාකච්ඡා කරගෙන යනවා, තේ කර්මාන්තශාලාවලට යන්ත්‍ර ලබාගන්න. ඒ සඳහා ශක්තිය ලැබෙයි කියලා විශ්වාස කරනවා. තේ කර්මාන්තය ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කළ යුතුයි. වැවිලි කර්මාන්තය ශක්තිමත් කරනවා. දේශීය නිෂ්පාදකයින් තේ මිශ්‍රකරණයට විරුද්ධ බවත් අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News