තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනේ

Share

ඊයේ(09) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 106 සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මඩකළපුව, කළපු ප්‍රදේශයෙ ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා මෙම තහනම් ධීවර දැල් තොගය සොයා ගෙන තිබේ.

අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News