වදක තනතුරට තෝරාගෙන ඇති අයට විශේෂ පුහුණුවක්

Share

වදක තනතුර සඳහා තෝරගෙන ඇති පුද්ගලයින්ට රාජ්‍ය සේවය පිළිබද විශේෂ පුහුණුවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අද(11) සහ හෙට(12) යන දෙදි‍න තුළ මෙම පුහුණුව පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ ව්‍යුහය හා රැකියාවේ නිරත වීමේ මුලික ක්‍රියාවලීන් පිළිබඳ මෙහි දී විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිත අතර අදාළ පුහුණුව වැලිකඩ බන්ධනාගාර පුහුණු ආයතනයේ පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.

සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව වදක තනතුර සඳහා තෝරාගෙන ඇති පුද්ගලයින් 26 දෙනෙකු මෙම විශේෂ පුහුණුව සඳහා සහභාගි විමට නියමිත අතර එම විශේෂ පුහුණුවෙන් අනතුරුව වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනකු තෝරා ගැනිමට නියමිතයි.

Read more

Local News