වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට

Share

වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය දෙදෙනෙකු ඊයේ (24) දහවල් දියේ ගිලි මිය ගොස් අැති බව මාමඩුව පොලීසිය කියයි.

වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයියා සහ 17 හැවිරිදි නැගණිය මාමඩුව වැවේ දිය නෑමට ගොස් අැති අතර එහිදී වැවේ ගැඹුරු ස්ථානයකට බැස්ස නැගණිය එකවරම දිය යට ගිලී මඩේ එරී අැත. අැය බේරා ගැනීමට සහෝදරයාද එම ස්ථානයට පැන්නද සහෝදරයාට ද නැවත ගොඩට ඒමට නොහැකි වන අයුරින් ඔහුද මඩේ එරීමෙන් දියේ ගිලී මිය ගොස් අැති බවට අනාවරණය වෙයි.

Read more

Local News