පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කළ යුතුයි – අමාත්‍ය චම්පික රණවක

Share

උපාය මාර්ගික වෙනසක් ඇතිකර පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කළ යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ප්‍රවාහන, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි

ජාත්‍යන්තරව අපට වටලා තිබුනා. අපට ජාත්‍යන්තර දේශපාලනය කළමනාකරණය කර ගනීමට අපට නොහැකි වුණා. එය පරාජය කරල, රටේ ප්‍රතිරූපය ගොඩනගලා, යුද අපරාධවලට පිළිතුරු ලබාදීලා, ලෝකයේ සැම කලාපයක් ම ශ්‍රී  ලංකාවට ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා. එය ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහනයක්.

ප්‍රවාහන ක්ෂේත්‍රය රටේ වැදගත් ක්ෂේත්‍රයක් වී තිබෙනවා. අද වාහන දහස් ගුණයක් වැඩි වෙලා තිබෙනවා. ලක්ෂ 40ක් පමණ දෛනිකව මහමාර්ගයේ ගමන් කරනවා. දස ලක්ෂයකට අඩු ප්‍රමාණයක් කාර් වෑන් තියෙන්නේ. වැඩි වශයෙන් තියෙන්නේ මෝටර් සයිකල් සහ යතුරු පැදි.

මේ ක්ෂේත්‍රයේ ආර්ථික බව රුපියල් ට්‍රිලියනකට වැඩියි. මේක කිසිසේත් හොඳ තත්ත්වයක් නොවේ. අනුක්‍රමයෙන් වාහන වැඩි කරගනීම, ආර්ථික බර පැත්තට ගමන් කරමින් පවතිනවා. ආර්ථික අඩපන වීම ප්‍රවාහනයෙන් ඇතිවන අනසි බලපෑම බලපානවා. එක බස් රථයක් ඉවත් වෙනවා කියන්නේ අනෙක් වාහන 140ක් ඕන වෙනවා. අද ප්‍රවාහන ගැටළුවට හසු වී තියෙන්නේ. අපි වාහාම උපාය මාර්ගික වෙනසක් ඇතිකරගත යුතුයි. ප්‍රවාහන ප්‍රශ්නයට මාර්ග පද්ධතිය පුළුල් කිරීම සිදු කළේ. මාර්ග තදබදය විසඳන ක්‍රියාදාමයක් නොවේ. පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. මාර්ග තදබදය වැලැක්වීමට කැළණිවැලි ත්‍රිත්ව දුම්රිය මාර්ගය ඉදි කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News