ශ්‍රීලනිප-පොහොට්ටු 6වන සාකච්ඡා වටය හෙටට කල්යයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (17) 6වන වතාවට පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු කර ඇත.

එම සාකච්ඡා වටය හෙට (18) දිනයට කල් තබා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති පස්වන වටයේ සාකච්ඡාව පසු ගිය 7වනදා දහවල් පැවැත් වුණි.

එහිදි දෙපාර්ශවයේ එකඟතාවයෙන් මෙමස  17වන සඳුදා, එනම් අද 06වන වටයේ සාකච්ඡා සඳහා යළි හමුවීමට එකඟ විය.

එම හමුව පැවැත් වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් එදින සාකච්ඡාවට එක්වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, එම පක්ෂයේ සභාපති මහචාර්ය ජී.ඇල්. පීරිස් හා ජගත් වැල්ලවත්ත යන අය සාකච්ඡාවට සහභාගි විය.

Read more

Local News