කැබිනෙට්ටුව රැස් වෙයි

Share

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) රැස් විය.

පෙරවරු 09.30 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වූ බව අප වාර්තාකරු පැවසුවේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබද සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් ඇති වූ මතභේදකාරි තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණේ නැත.

මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් සහ කතානායක කරූ ජයසුරිය මහතා අතර හමුවක් අද පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිතයි.

Read more

Local News