ත්‍රීරෝද රථයක් කොත්මලේ ජලාශයට පෙරළෙයි – දෙදෙනෙකුට බරපතල තුවාල

Share

ඉහළ කොත්මලේ ජලාශයට ඊයේ (26) රාත්‍රී 09.00ට පමණ ත්‍රීරෝද රථයක් පෙරලීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

තලවාකැලේ, හොලිරූඩ් ප්‍රදේශයේ සිට තලවාකැලේ නගරය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මෙසේ ජලාශයට පෙරලී ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ පුද්ගලයින් දෙදෙනෙකු ගමන්කර ඇති අතර ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා තිබේ.

හොලිරූඩ් ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටි පිරිසක් මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ. ඔවුන් ලිදුල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය ඉදිරිපසින් පැමිණි ත්‍රීරෝද රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී වේගය පාලනය කරගත නොහැකිව එය ජලාශයට පෙරලී ඇති බව සදහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයෙ.

Read more

Local News