මොරගහකන්ද ජලාශයට තවත් අක්කර අඩියකින් ජලවිදුලිය

Share

මොරගහකන්ද ජලාශයේ පිහිටි විදුලි බලාගාරය සඳහා තවත් අක්කර අඩි 1යි දශම 5යි 5ක ජල ප්‍රමාණයකින් විදුලිය නිපදවීම අාරම්භ කළ හැකි ව්‍යාපෘතියක් මහජන සම්බන්ධතා නිලධාරී පී ජී දයානන්ද මහතා පවසයි.

අද (27) දිනය වන විට ජලාශයට අක්කර අඩි අසුදහසකට අාසන්න ජල ප්‍රමාණයක් ලැබී අැති බවත්, එය මුහුදු මට්ටමේ සිට උස අඩි 176යි දශම 4යි 5ක ජල ප්‍රමාණයක් බවද ඒ මහතා සඳහන් කළේය.

ව්‍යාපෘතියේ ඉදිකර අැති විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර හතරම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය මුහුදු මට්ටමේ සිට අක්කර අඩි 178කි.

මේ දිනවල පවතින වැසි තත්ත්වයත් සමග ඉහළ ජලාධාර ප්‍රදේශ වෙතින් දිනකට අක්කර අඩි පන්දහසකට අාසන්න ප්‍රමාණයක ජල ප්‍රමාණයක් මොරගහකත්ද ජලාශයට ලැබෙන බවද මහජන සම්බන්ධතා නිලධාරී පී ජී දයානන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News