මුඛ සෞඛ්‍ය මාර්ගෝපදේශනයක් එළිදැක්වීම අද සිදු කෙරේ

Share

ශ්‍රී ලාංකිකයන් සඳහා මුඛ සෞඛ්‍ය මාර්ගෝපදේශනයක් එළිදැක්වීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී සිදු කෙරිණි.
මෙහි පළමු අදියරේ දී මෙම තොරතුරු රැගත් පොත සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙත පත්කිරීමට නියමිත අතර ඉදිරියේ දී මෙය ජනතාව වෙත ලබාදීමට කටයුතු කරනු ඇතැයි විශේෂඥ ප්‍රජා දන්ත ශෛල්‍ය වෛද්‍ය, වජිර නානායක්කාර මහතා පැවසීය.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන් තුනෙන් ම සමන්විත මෙම කුඩා තොරතුරු රැගත් පොත කළල අවස්ථාවේ සිට වැඩිවිය දක්වා අවශ්‍ය මුඛ සෞඛ්‍ය පිළිබඳ කරුණුවලින් සමන්විත වන බවත් එළැඹෙන වසරේ සිට රජයේ හා පෞද්ගලික ආයතනවලට ගොස් මුඛ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News