සූර්ය බලශක්ති ඒකක සඳහා නිවෙස් හිමියන්ට අයවැයෙන් සහන ණය

Share

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2018 අයවැයේ සඳහන් “එන්ට ප්‍රයිස්” ශ්‍රී ලංකා වැඩ පිළිවෙළ යටතේ සූර්ය බලශක්ති උත්පාදනය සඳහා සහන පොළී අනුපාත මත විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

මේ අනුව ගොඩනැඟිලි මත සවිකරන සූර්ය බලශක්ති උත්පාදනය කිරීම සඳහා පෞද්ගලික නිවාස හිමියන්ට රුපියල් 7,500,000 පරිමය යටතේ ණය මුදල් ලබාදෙන අතර ඒ සඳහා අය කරනු ලබන පොළිය 8% කි. මේ සඳහා ව්‍යවසායකයන්ට ද අවමය රුපියල් 7,500,000 ක් වූ ණය මුදලක් ලබා ගත හැකි අතර එහි උපරිම සීමාවක් නැත.

මේ අතර “එන්ට ප්‍රයිස්” ශ්‍රී ලංකා වැඩ පිළිවෙලේ රිවිබල සවි ණය යෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික නිවාසවල සුර්ය බලශක්ති ඒකක සවිකිරීම සඳහා රුපියල් 350,000 ක ණය මුදලක් ලබා දෙන අතර ඒ සඳහා පොළි අනුපාතය 6% කි. ඒ සඳහා 50% ක පොළී සහනාධාරයක් රජය ලබා දෙනු ඇත.

Read more

Local News