ඇතැම් පිරිස් කටයුතු කරන්නේ රටේ සින්නක්කර අයිතිකරුවන් ලෙසයි

Share

රටේ පාලකයින් යනු පොදු ජනතාවගේ සේවකයින් වුවත්, ඇතැම් පිරිස් කටයුතු කරන්නේ ජනතාවගේ සේවකයින් ලෙස නොව රටේ සින්නක්කර අයිතිකරුවන් ලෙස නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

ජනතා සේවකයින් ලෙස පත් කර ගන්නා පාලකයින් රටේ අයිතිකරුවන් ලෙස හැසිරෙමින් ජනතා මතයට පයින් ගසා කටයුතු කරන්නේ නම් ජනතා අයිතිය කරුමයක් බවට පත් වන බවත්, රටේ පාලකයින් ලෙස පත් කර ගත යුත්තේ ජනතා සේවකයින්ද නැතහොත් රටේ සින්නක්කර අයිතිකරුවන්ද යන්න තීන්දු කිරීමට ජනතාවට ඉදිරියේදී අවස්ථාව උදා වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රටේ අයිතිකරුවන් ලෙස හැසිරෙන පාලකයින් වංචා, දූෂණ, අක්‍රමිකතා සිදු කර රටේ ජාතික සම්පත් කොල්ලකන බවත්, පාලන බලය ලබා ගන්නා අවස්ථාවේදී ජනතා සේවකයින් ලෙස බොරු ප්‍රතිරූපයක් රටට මවා පාමින් බැටළු හම පොරවා ගත් වෘකයින් ලෙසින් ජනතාව අතරට පැමිණෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ, මනතිව් ප්‍රදේශයේ ඉදිකළ “අයියනාර්පුරම්” සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ “බැරිස්ටර් නෙයින මරික්කාර්ගම” යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද(24) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේජනතා අයිතියට පැවරුණු 206 සහ 207 වන ආදර්ශ ගම්මාන මේවා වේ.

නිවාස 44කින් සමන්විත මෙම උදා ගම්මාන දෙකඅංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ504කි.

පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

Read more

Local News