දෙමව්පියන් ළඟ දරුවන් වැඩෙන්නට සැළැස්විය යුතුයි – යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට ළමයා ඉගෙන ගන්නේ පවුල තුළින්

Share

දෙමව්පියන් ළඟ දරුවන් වැඩෙන්නට සැළැස්විය යුතු බවත් එවිට යහපත් දරුවන් බිහි වන බවත් යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට ළමයා ඉගෙන ගන්නේ පවුල් ජීවිතය තුළින් බවත් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමිනි.

දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය ලබාදෙනවා. හොඳ මානව සම්පත් බිහි කිරීමට නම් මුල් ළම වියට හොඳ ආයෝජනයක් කළ යුතුයි. මොළේ රටට ගැළපෙන ලෙස බුද්ධිමතුන් බිහිවන ලෙස වෙනස් කළ හැකියි. මිලියන 40ක් මුල් ළමා විය සංවර්ධනයට මුදල් වෙන් කිරීම ඉතා හොඳයි. රටේ උපත් බොහොමයක් ලියාපදිංචි වෙනවා. අනුමාන උප්පැන්න සහතිකය නීත්‍යානුකූල කරන්න පියවර ගෙන තිබෙනවා. ළමා නිවාසවලට යොමු කරන්නේ, දුප්පත්කම හෝ දෙමව්පිය වෙන් වීම නිසයි. දෙමව්පියන් ළඟ දරුවන් වැඩෙන්නට සැළැස්විය යුතුයි. එවිට යහපත් දරුවන් බිහි වෙනවා. යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ළමයා ඉගෙන ගන්නේ පවුල් ජීවිතය තුළින්. අවධානම් දරුවන් සමාජයෙන් හඳුනාගෙන විධිමත් ක්‍රමවේදයක් සකස් කරමු යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

Read more

Local News